City වල Playersලා

Thursday, September 9, 2010

මම ගිය ලිපියෙන් City ගැන කිව්වා වගේ මේ පාර මම කියන්න යන්නෙ ඒකෙ ඉන්න වැඩකාරයො ටික ගැන....

මුලින්ම කණ්ඩායමේ නායකයා Carlos Tevez, ආර්ජන්ටිනා කණ්ඩායමේ සුපිරි ප්‍රහාරකයා. මිනිහා City වලට ආවෙ 2009 අවුරුද්දෙ. එදා ඉඳලා අද වෙනකන් City වලට මැච් 38 සෙල්ලම් කරලා ගෝල් 25 ගහලා ඉන්නෙ. මේ පාර Fifa World Cup එක බැලුවනම් කට්ටියට මිනිහගෙ වැඩ මතක ඇති.

City වලට උප නායකයො දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි Kolo Toure, 2009 සීසන් එකේ City වල නායකයා වගේම අයිවරි කෝස්ට් කණ්ඩායමෙත් නායකයා. මිනිහත් City වලට ආවෙ ගිය අවුරුද්දෙ. ඒ Arsenal වලින්. මිනිහා සෙල්ලම් කරන්නෙ ආරක්ෂක පෙළ ක්‍රීඩකයෙක් විදියට.

අනිත් උප නායකයා තමයි Gareth Barry, මිනිහ නම් එංගලන්තෙම පොරක්. City වලට වගේම එංගලන්ත කණ්ඩායමටත් නැතුවම බැරි ක්‍රීඩකයෙක. පොර සෙල්ලම් කරන්නෙ මැද පෙළ ක්‍රීඩකයෙක් විදියට. 
  
Mario Balotelli තමයි City වලට පෑයු අළුත්ම තරුව. ඉතාලි ජාතිකයෙක්. තාම අවුරුදු 20යි, නමුත් සුපිරි වැඩ කාරයා. මේ අවුරුද්දෙ තමයි මිනිහා City වලට ආවෙ. ලෝකෙ බොහෝ විචාරකයොන්ගෙ මතය තමයි දවසක මිනිහා ලොකේ ඉන්න හොඳම ප්‍රහාරකයා වෙනවා කියලා.


City වල සුපිරිම තරුව තමයි දැල රකින්නා, Joe Hart. තාම අවුරුදු 23යි, බොහෝ දෙනෙක් එංගලන්ත කණ්ඩායමේ ලෝක කුසලාන පරාජයට ප්‍රධාන හේතුවක් ලෙස පෙන්වාදෙන්නෙ මොහුව තරඟ සඳහා නොයෙදවීමයි. ඒ නිසාම දැන් මොහු එංගලන්ත කණ්ඩායමේ නිත්‍ය දැල් රකින්නා බවට පත් වෙලා ඉවරයි. දවසක මිනිහා ලෝකෙ හොදම දැල් රකින්නා වෙන බව තමයි කට්ටියගෙ අදහස.


Fifa World Cup එක දිනපු ස්පාඤ්ඤ කණ්ඩායමේ සාමාජිකයෙක් තමයි David Silva කියන්නෙ. පොරත් City වලට ආවෙ මේ අවුරුද්දෙ. මැද පෙළ සෙල්ලම් කරාට ගෝල් ගහන්න උපන් හපනා. කොට ඩයල් එකක්, මරු බුලට් එක.


තව හෙන සෙට් එකක් ඉන්නවා ඔක්කොම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෝ, මේ ඉන්නෙ ඒ සෙට් එක.....


Shay Given - අයර්ලන්ත ජාතික දැල් රකින්නා. ගිය වසරේ හොඳම දැල් රකින්නා
Jerome Boateng- ජර්මන් ජාතික ආරක්ෂක පෙළ ක්‍රීඩකයෙක්. ලෝක කුසලානය බැලුවනම් මතක ඇති
Aleksander Kolarov - සර්බියාවෙ පොරක්. මිනිහත් World Cup ගැහුවා. ආරක්ෂක පෙළ ක්‍රීඩකයෙක්

Vincent Kompany - බෙල්ජියම් ජාතික කණ්ඩායමේ නායකයා
Joleon Lescott  - එංගලන්ත ජාතික කණ්ඩායමට අළුතින්ම එක්වුනු ආරක්ෂකයා

Pablo Zabaleta - ආර්ජන්ටිනා කණ්ඩායමේ ආරක්ෂකයෙක්
Nigel de Jong - නෙදර්ලන්ත ජාතික කණ්ඩායමේ එකෙක්. මතකද ලෝක කුසලාන අවසන් තරඟයේ කුංෆු    කික් එක,මිනිහ තමයි ගැහුවෙ.
Adam Johnson - එංගලන්ත කණ්ඩායමේ අළුත්ම සොයා ගැනීම. නියම ඩයල් එක. ගෝල් මැෂිමක්.
Yaya Toure - උප නායක Kolo Toureගෙ මල්ලි. මම දැකපු සිරාම player කෙනෙක්.
Shaun Wright-Phillips - City වල ඉන්න පරණම එකා. 2004 ඉඳන් එංගලන්තෙට සෙල්ලම කරනවා. 
James Milner - මිනිහත් එංගලන්තෙ එකෙක්. World Cup එකේ එහෙම මරුවට සෙල්ලම් කරා.
Roque Santa Cruz - පැරගුවේ වල එකෙක් මිනිහත් World Cup එකෙ හිටියා. ප්‍රහාරකයෙක්.
Emmanuel Adebayor - ටෝගෝ කණ්ඩායමේ නායකයා. නියම වැඩ කාරයා. ගෝල් මැෂිමක්.

ඔච්චර නෙවෙයි තව පට්ට සෙට් එකක් ඉන්නවා ඔක්කොම දාන්නනම් මෙතන ඉඩ නෑ....... තව පහුවෙන කොට ඒ ගොල්ලො ගැන නිකම්ම දැන ගන්න ලැබේවි. 

 

0 comments:

Post a Comment