මම ගිය ලිපියෙන් City ගැන කිව්වා වගේ මේ පාර මම කියන්න යන්නෙ ඒකෙ ඉන්න වැඩකාරයො ටික ගැන....
මුලින්ම කණ්ඩායමේ නායකයා Carlos Tevez, ආර්ජන්ටිනා කණ්ඩායමේ සුපිරි ප්‍රහාරකයා. මිනිහා City වලට ආවෙ 2009 අවුරුද්දෙ. එදා ඉඳලා අද වෙනකන් City වලට මැච් 38 සෙල්ලම් කරලා ගෝල් 25 ගහලා ඉන්නෙ. මේ පාර Fifa World Cup එක බැලුවනම් කට්ටියට මිනිහගෙ වැඩ මතක ඇති.
City වලට උප නායකයො දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි Kolo Toure, 2009 සීසන් එකේ City වල නායකයා වගේම අයිවරි කෝස්ට් කණ්ඩායමෙත් නායකයා. මිනිහත් City වලට ආවෙ ගිය අවුරුද්දෙ. ඒ Arsenal වලින්. මිනිහා සෙල්ලම් කරන්නෙ ආරක්ෂක පෙළ ක්‍රීඩකයෙක් විදියට.
අනිත් උප නායකයා තමයි Gareth Barry, මිනිහ නම් එංගලන්තෙම පොරක්. City වලට වගේම එංගලන්ත කණ්ඩායමටත් නැතුවම බැරි ක්‍රීඩකයෙක. පොර සෙල්ලම් කරන්නෙ මැද පෙළ ක්‍රීඩකයෙක් විදියට.
Mario Balotelli තමයි City වලට පෑයු අළුත්ම තරුව. ඉතාලි ජාතිකයෙක්. තාම අවුරුදු 20යි, නමුත් සුපිරි වැඩ කාරයා. මේ අවුරුද්දෙ තමයි මිනිහා City වලට ආවෙ. ලෝකෙ බොහෝ විචාරකයොන්ගෙ මතය තමයි දවසක මිනිහා ලොකේ ඉන්න හොඳම ප්‍රහාරකයා වෙනවා කියලා.
City වල සුපිරිම තරුව තමයි දැල රකින්නා, Joe Hart. තාම අවුරුදු 23යි, බොහෝ දෙනෙක් එංගලන්ත කණ්ඩායමේ ලෝක කුසලාන පරාජයට ප්‍රධාන හේතුවක් ලෙස පෙන්වාදෙන්නෙ මොහුව තරඟ සඳහා නොයෙදවීමයි. ඒ නිසාම දැන් මොහු එංගලන්ත කණ්ඩායමේ නිත්‍ය දැල් රකින්නා බවට පත් වෙලා ඉවරයි. දවසක මිනිහා ලෝකෙ හොදම දැල් රකින්නා වෙන බව තමයි කට්ටියගෙ අදහස.
Fifa World Cup එක දිනපු ස්පාඤ්ඤ කණ්ඩායමේ සාමාජිකයෙක් තමයි David Silva කියන්නෙ. පොරත් City වලට ආවෙ මේ අවුරුද්දෙ. මැද පෙළ සෙල්ලම් කරාට ගෝල් ගහන්න උපන් හපනා. කොට ඩයල් එකක්, මරු බුලට් එක.
තව හෙන සෙට් එකක් ඉන්නවා ඔක්කොම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෝ, මේ ඉන්නෙ ඒ සෙට් එක.....
Shay Given - අයර්ලන්ත ජාතික දැල් රකින්නා. ගිය වසරේ හොඳම දැල් රකින්නා
Jerome Boateng- ජර්මන් ජාතික ආරක්ෂක පෙළ ක්‍රීඩකයෙක්. ලෝක කුසලානය බැලුවනම් මතක ඇති
Aleksander Kolarov - සර්බියාවෙ පොරක්. මිනිහත් World Cup ගැහුවා. ආරක්ෂක පෙළ ක්‍රීඩකයෙක්
Vincent Kompany - බෙල්ජියම් ජාතික කණ්ඩායමේ නායකයා
Joleon Lescott - එංගලන්ත ජාතික කණ්ඩායමට අළුතින්ම එක්වුනු ආරක්ෂකයා
Pablo Zabaleta - ආර්ජන්ටිනා කණ්ඩායමේ ආරක්ෂකයෙක්
Nigel de Jong - නෙදර්ලන්ත ජාතික කණ්ඩායමේ එකෙක්. මතකද ලෝක කුසලාන අවසන් තරඟයේ කුංෆු කික් එක,මිනිහ තමයි ගැහුවෙ.
Adam Johnson - එංගලන්ත කණ්ඩායමේ අළුත්ම සොයා ගැනීම. නියම ඩයල් එක. ගෝල් මැෂිමක්.
Yaya Toure - උප නායක Kolo Toureගෙ මල්ලි. මම දැකපු සිරාම player කෙනෙක්.
Shaun Wright-Phillips - City වල ඉන්න පරණම එකා. 2004 ඉඳන් එංගලන්තෙට සෙල්ලම කරනවා.
James Milner - මිනිහත් එංගලන්තෙ එකෙක්. World Cup එකේ එහෙම මරුවට සෙල්ලම් කරා.
Roque Santa Cruz - පැරගුවේ වල එකෙක් මිනිහත් World Cup එකෙ හිටියා. ප්‍රහාරකයෙක්.
Emmanuel Adebayor - ටෝගෝ කණ්ඩායමේ නායකයා. නියම වැඩ කාරයා. ගෝල් මැෂිමක්.
ඔච්චර නෙවෙයි තව පට්ට සෙට් එකක් ඉන්නවා ඔක්කොම දාන්නනම් මෙතන ඉඩ නෑ....... තව පහුවෙන කොට ඒ ගොල්ලො ගැන නිකම්ම දැන ගන්න ලැබේවි.
මොකද්ද මේ City කියන්නෙ කියල කවුරුවත් දන්නෑ නේද? ඒක තමයි.... සමහරු කියාවි City කියන්නෙ නගරයට කියලා. ඔව් ඒක ඇත්ත.... ඒත් මේ කියන City එහෙම එකක් නෙවෙයි. මේක ඇවිල්ලා එංගලන්තෙ තියෙන පාපන්දු ක්‍රීඩා සමාජයක්. මේකෙ සම්පූර්ණ නම Manchester City.
ලංකාවෙ ඉන්න ගොඩක් දෙනෙක් පාපන්දු ගැන එච්චර උනන්දු නෑ. මොකද පාපන්දු ලංකාවෙ එච්චර ජනප්‍රිය නැති නිසා. ඒ වුනාට ලෝකෙ ජනප්‍රියම ක්‍රීඩාව...... හැබැයි මේකත් කියන්න ඕන ලෝකෙ ජනප්‍රියම ක්‍රීඩාව උනාට ජාත්‍යන්තර තරඟනම් ඇත්තෙම නැති තරම්. ඒකට හේතුව වසර පුරාම අන්තර් ක්‍රීඩා සමාජ තරඟ තියෙන නිසා. ලෝකෙ පුරාම මේ විදියට අන්තර් ක්‍රීඩා සමාජ තරඟාවලි පැවැත් උනත් වැඩියෙන්ම ජනප්‍රිය එංගලන්තය, ස්පාඤ්ඤය, ඉතාලිය වගේ රටවල තියෙන ක්‍රීඩා සමාජ වල තරඟ. මොකද මේ රටවල ක්‍රීඩා සමාජ වල තමයි ලෝකෙ ඉන්න හොඳම ක්‍රීඩකයො සෙල්ලම් කරන්නෙ. Manchester United, Chelsea, Arsenal, Real Madrid, Barcelona, Inter Milan, AC Milan, Liverpool වගේ කණ්ඩායම් තමයි ලංකාවෙ අය අතර ජනප්‍රිය. නමුත්..... ඒ වගේම සුපිරි හැබැයි ලංකාවෙ අය අතර ප්‍රසිද්ධ නැති කණ්ඩායමුත් ඉන්නවා. Bayern Munich, Roma, Lyon, Boca Juniors, Tottenham, Valencia වගේ කණ්ඩායම් තමයි ඒ...........
Manchester City අයිති වෙන්නෙත් ඔන්න ඔය කුලකෙටම තමයි...
කට්ටිය බලාවි කවුරුවත්ම දන්නෙ නැති ටීම් එක්කට මූ කැමති උනේ මොකෝ කියලා.... ඒක වුනේ මෙහෙමයි.... මටත් ඔය ෆුට්බෝල් ගැන ආසාව ඇති වුනේ ගිය අවුරුද්දෙ ඉඳලා ඒ වෙනකම් මම දන්නෙත් නෑ City ගැන. මට City ටීම් එක අල්ලලා ගියේ ඒකෙ ඉන්න playersලා සෙට් එක හින්දා.... ඒවගේම තමා coacher ඌත් ජොලි බුලට් එක... කාටත් වැඩිය බුලට් එක ටීම් එකෙ අයිති කාරයා, අරාබියෙ ඔටුන්න හිමි කුමාරයා.ටීම් එකේ ඉන්න playersලා ගැන කියනවනම්, මරු සෙට් එකක් ඉන්නෙ. වැඩිය ජනප්‍රිය නෑ, හැබැයි සුපිරියි....
Tevez(ටෙවෙස්), මේ පාර Fifa World Cup එක බලපු අයනම් දන්නව ඇති මිනිහව, ආර්ජන්ටිනාවෙ සුපිරි ප්‍රහාරකයෙක්. අනිකා Adebayor(අදබයෝ), මිනිහ ටෝගෝ වල පොරක්, ජනප්‍රිය නෑ, නමුත් උපරිමයි, මරු වැඩකාරයා..... තව හෙන සෙට් එකක් ඉන්නවා ඒ ඔක්කොම ගැන ඊළඟ ලිපියෙන් කියන්නම්..........
Subscribe to:
Comments (Atom)